අරගලයේ ක්‍රියාකාරික ධානිෂ් අලීට සිරදඬුවමක්

ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ ධානිෂ් අලීට සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදක් සම්බන්ධයෙන් කොළඹ අති‍‍රේක දිසා විනිසුරු ඉදිරියේදී සැකකාර ධානිෂ් අලී චෝදනාවට වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ධානිෂ්ට දින 14ක සිරදඬුවමක් නියම කර තිබේ. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් 2022.07.27 වන දින රක්ෂණ භාරයට පත් කරන ලද ධානිෂ් අලී නැමති සැකකරු නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර නීතිරීතිවලට අනුව ජංගම දුරකථනයක් භාවිතා කිරීම නීතිවිරෝධී වෙයි. ඒ අනුව සැකකරු විසින් ජංගම දුරකථනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (04) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.