නාමල්ට එරෙහිව පැමිණිල්ල දෙසැ: 8 යළි කැඳවයි

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

මේ අනුව ඉදිරි පියවර පිළිබඳව නීතිපති උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටි අතර යළි දෙසැම්බර් මස 8 වන දා නඩුව කැඳවන ලෙස අධිකරණය නියම කළේය

නාමල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් ආයතන උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එක්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙනි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.