නිදි වර්ජිතව

පැබ්ලෝ නෙරුඩා

මැදියම් රැයේ මම මගෙන්ම මෙසේ අසමි.
චිලීයට කුමක් සිදුවේද?
මගේ දුප්පත්, අඳුරු රටට කුමක් වේවිද?

මේ දිගු, කෙසඟ නෞකාවට බොහෝ සෙයින් ආදරය කිරීමෙන්,
මේ ගල් කැබලිති, මේ කුඩා ගොවිබිම්,
පෙණ පිඩු අතර ජනිතව වැඩෙන,
වෙරළ තීරයේ නොමැකී පවත්නා රෝස පැහැය නිසාත් ,
මේ බිම මගේ විය.
මේ බිම සියලු දරුවන් මට හමුවුනා,
වැළපීමෙන් හෝ උත්කර්ෂයෙන් පිරි ඍතූන්
මා තුළ ගලා ගියා.

මට දැන් දැනෙනවා,
මරණයේ වර්ෂය යාන්තමින් හෝ අවසන් වූ නිසාවෙන්,
අපේ ලේ නිකරුනේ හැලුණු දෝෂයන් අවසන්ව
යහපත් සහ යුක්තිසහගත මනුෂ්‍ය ජිවිතයක් වෙනුවෙන්
අප නැවත බලාපොරොත්තුවේ සිළුව දල්වන මොහොතේ,
උවදුර නැවත පැමිණ තිබේ,
පවුරු මත කෝපය නැවත නැගෙයි.

පරිවර්තනය: කල්ප රාජපක්ෂ

(2022 අගෝස්තු 3)

(Samanalee Fonseka ගේ fb පිටුවෙන්)

සබැඳි

Leave a Reply

Your email address will not be published.