යුපුන්ට පළමු සුබ පැතුම රිදී පදක්කම් ලාභී පාලිතගෙන්

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිරිමි කවපෙත්ත විසිකිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වී තිබේ.
ඒ මීටර් 44.20ක දක්ෂතාවත් දක්වමිනි.
“හිතුවේ නෑ රිදී පදක්කමකට යන්න පුළුවන් වෙයි කියලා. මම මේකට මාස 6ක විතර පුහුණුවක් ලැබුවා ගෙදරත් අමතක කරලා.” යනුවෙන් පාලිත මාධ්‍යට පවසා තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී මීටර් 100 ඉසවුවේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් ද ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා අතර ඔහුට පළමු සුබ පැතුම ද එක් කළේ, පාලිත බණ්ඩාර විසින් වීම විශේෂත්වයකි.

