යුපුන් අබේකෝන් මීටර 100 පදක්කම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වෙයි

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමවත්ව තිබේ.

යුපුන් තරගය නිමකිරීම සඳහා ගතවූ කාලය තත්පර 10.14කි.

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා සතු වූ අතර ඔහු තරගය නිම කළ කාලය තත්පර 10.02 කි.

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක මීටර 100 අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වන යුපුන් අභයකෝන් මේ තරගය නිමා කළේ තුන්වැන්නා ලෙස කාලය තත්පර 10.14 කි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසට යුපුන් අබේකෝන් ඉතිහාසගත වෙයි.

මෙම තරගයේ දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකානු ක්‍රීඩක මකානි සිම්බිනි ඔහුගේ කාලය තත්පර 10.13 කි.

ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා – කෙන්යාව (10.02)
අකානි සිම්බීන් – දකුණු අප්‍රිකාව (10.13)
යුපුන් අබේකෝන් – ශ්‍රී ලංකාව (10.14)

මේ අතර Men’s Discus Throw F42-44/61-64 ඉසව්ව නියෝජනය කළ පාලිත එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිකර දීමට සමත් වී තිබේ.

lankaweb.lk

පාලිතගෙන් සිය ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම

සබැඳි

Leave a Reply

Your email address will not be published.