රාජාසන කතාව: “රනිල් වික්‍රමසිංහට එරෙහිව රනිල් වික්‍රමසිංහ ජනාධිපති විසින් කළ ප්‍රකාශයක්”

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු පක්‍ෂ මුලස්ථානයේ පැවති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් මෙම අදහස් දක්වන ලදී.

“අද නව පාර්ලිමේන්තු ආරම්භ වුනත් ජනාධිපතිවරයා කිසිම අලුත් දෙයක් කියල නෑ. අද පාර්ලිමේන්තුවේ කතාව ඇත්තටම ගත්තොත් රනිල් වික්‍රමසිංහට එරෙහිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයක් කිව්වොත් නිවැරදියි. ඔහු මේ පාර්ලිමේන්තුවේ වසර 45 නියෝජනය කරලා තියනවා. ඉන් වසර 43 ක් ඔහු අවස්ථා හයකදී අග්‍රාමාත්‍ය ධූරය දරල තියනවා,
කැබිනට් අමාත්‍ය ධූර දරල තියනවා, විපක්‍ෂ නායක ධූරය දරල තියනවා. එහෙනම් ඔහු මේ රට මේ වැටිලා තියන ප්‍රපාතයේ ප්‍රධානම වගඋත්තර කරුවන්ගේ ප්‍රධානම පුරුකක්.”

“මේ ජනාධිපති කොච්චර සර්වපාක්‍ෂික ආණ්ඩු ගැන කතා කලත් ඒ සර්වපාක්‍ෂික ආණ්ඩුවේ කාලය කොච්චරක් ද කියල කියන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ, ඔහුත් රාජපක්‍ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනෙක් කණ්ඩායම් වළ සහය ලබා ගැනීමක්. එහෙම කරන්න අපි දායක වෙන්නෙ නෑ. අපි කියන්නෙ නිවැරදි, සෑම පක්‍ෂයකම අයිතිය නියෝජනය වන, සෑම තින්දුවකටම තම පක්‍ෂයේ දායකත්වය නියෝජනය කරන්න හැකි වන ආකාරයේ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට අපි යෝජනාව ඉදිරිපත් කළා. ඒ යෝජනාව සලකා බලා නැහැ. එහෙම පැහැදිලිතාවයක් නැතිව රනිල් රාජපක්‍ෂගේ ආණ්ඩුවකට අපි දායකත්වය දෙන්නේ නෑ.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.