ඇමරිකානු නැන්සි තායිවානයට: චීනය අවි අමෝරයි

චීනය සහ ඇමරිකාව අතර තායිවානය සම්බන්ධයෙන් බරපතල මත ගැටුම් තිබියදී ඇමරිකා එක්සත් ජනපද කතානායක නැන්සි පෙලෝසි (nancy pelosi) ඊයේ(02) තායිවානයට පැමිණි බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

වසර 25කට පමණ පසු තායිවානයේ සංචාරයේ නිරත වන ඉහලම එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියා නැන්සි පෙලෝසි බව තායිවානයේ මධ්‍ය පවසයි.

ඇයගේ මෙම සංචාරය සමග චීනය විසින් තායිවානයට සමීපව ඇති ෆුජියාන් ප්‍රදේශයට ඔවුන්ගේ සන්නද්ධ රථ සහ හමුදාවන් පෙළගස්වන බව දැක්වෙන වීඩීයෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.

ඇමෙරිකානු කතානායකවරිය මෙම සංචාරය තුළ දී තායිවානයේ දින 4 ක් සිටින අතර එහිදී ඇය ද්විපාර්ෂික සාකච්ඡා කිහිපයකටම සහබාගී වන බව තායිවාන මාධ්‍ය වාර්තා කරයි.

චීනය පවසන්නේ චීන මධ්‍යම ආණ්ඩුවේ අනුමැතියකින් තොරව ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් තායිවානයේ සංචාරය කරන්නේ නම් ඔවුන්ට ඊට ප්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බවටයි.

මේ අතර ඇමරිකානු යුධ නෞකා ද තායිවාන සීමාවන් කේන්ද්‍රකර කරගනිමින් ස්ථානගත කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.