යුපුන්ට මීටර් 100 මූලික වටයේ පළමු තැන

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද එක්වූ ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 පළමු තරග ඉසව්ව තත්පර 10.06 කින් නිම කරමින් එම වටයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.
මෙහි දෙවැනියාට පැමිණි ක්‍රීඩකයා 10.34 හා තුන්වන ක්‍රීඩකයා 10.36 ක් ලෙස කාලය සටහන් වී තිබිණි.
ඒ අනුව යුපුන් ක්‍රීඩා උළෙලේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වී තිබේ.