“අනුර දිසානායක කිව්වේ ඇත්ත. මම ගැන අවංකවම මම කනගාටු වෙනවා” – ඩලස්

පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ අදහස් පළකළේ පෞද්ගලික රූපවාහිණී වැඩසටහනකට එක් වෙමිණි.
“අනුර කිව්වා ඩලස් 17, 18, 19, 20, අත උස්සපු කෙනෙක් කියල කිව්වා. ඔබ මොකද කියන්නෙ ඒ ප්‍රකාශයට “අනුර කිව්වේ ඇත්ත. අනුර ඒක කිව්වෙ මට අගෞරව කරන්න නෙමෙයි. මතකද දවසක් එතුමාම කිව්වා, මට එක ඇමතිකමක් නොලැබෙන්න හේතුව තමයි ඩලස් ඒ චෞරවලල්ලේ සාමාජිකයෙකු නොවන නිසා කියල. මෙතෙක් කල් දැක්කෙ සෙන්සර්ඩ් ඩලස් කෙනෙක් අන් සෙන්සර්ඩ් ඩලස් කෙනෙක් දැක්කේ පහුගිය සතියට කලින් සතියේ බදාදා තමයි. මේ ව්‍යවස්ථා සංශෝදන විතරක් නෙමෙයි. මගේ හෘද සාක්ෂියට එරෙහිව ගත්තු තීන්දු කීපයක් මගේ ජිවිතේ තිබුනා. මම ඒකට අවංකවම කනගාටු වෙනවා. මගේ නැගිටීම පව් සමාකරගන්න ව්‍යාපෘතියක් කියල හිතුවට කමක් නෑ.”

“දැන් අවුරුදු 44 කට ඉස්සෙල්ලා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා මේ වර්තමාන ව්‍යවස්ථාව ගේනකොට එතුමාවත් හිතන්ඩ නැතුව ඇති එතුමාගේ බෑනා මහා මැතිවරණයෙන් පරාජයට පත්වෙලා මේ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අගමැති වෙලා, රටේ ජනාධිපති වෙයි කියල . මීට වඩා තව උදාහරණ ඕනෙද මේක වෙනස්වෙන්ඩ ඕනෙයි කියල.
පුද්ගලයන්ගේ, පවුල්වළ, පක්‍ෂවළ අභිමතාර්ථයන් අටුකරන්න ගිහින් අපි විශාල අර්බුදයට ගිහින් තියනවා.”

“රනිල් මහත්තයට මට වැඩිය අත්දැකීම් වැඩියි. ඒත් මගෙ තියෙන්නෙ ඒ ප්‍රතිපත්ති නෙමෙයි. ඊයේ, පෙරේදා දවසක එයා කියනවා ලේක්හවුස් එක හෝටලයක් කරන්න ඕනෙ කියල. රාජ්‍ය මාධ්‍ය තුළ එක මැනේජ්මන්ට් එකක් නෑ. ඒ නිසා වෙන්ඩ ඕනෙ විකුණන එක නෙමෙයි.”

“ඇයි අපි සජිත් ප්‍රේමදාස එක්ක එකතු වුනේ. ඒක ඇතුළේ තමයි අපිට ලෝකයට කියන්න පුළුවන්. ආණ්ඩුවයි ප්‍රධාන විපක්‍ෂයයි එකට එකතුවුනා කියන්නෙ ලෝකයා බලාපොරොත්තු වෙන දෙයක්. ඒක තමයි අපි කළේ. මමත් IMF එකට යනවා තමයි.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.