අරගලයේ නර්තනය

Read Time:4 Minute, 17 Second

Auf meinen Schultern ( ON MY SHOULDERS).
” නිම නොවනා අන්දරයක්…ඉදිරියටත් යලි යලිත් සිදුවන කතාවක් කියන්නම්.මගෙ දුවේ,
මගේ උමතු ආහ්ලාදයේ හිමිකාරිය.අහන්න;
මගේ මව සුදුයි, පියා කළුයි, එතකොට මම ??? දැන් ආයෙත් ..ඔබේ මව කළුයි. දැන් කවුද ඔබ? කවුද මම? කුමක්ද මේ උමතුව?
ඇයි මේ වෙනස?”

“අහෝ! බර්ලින් නගරය.ඔබ මොන තරම්
සුවිසල්ද?මොන තරම් නිදහස්ද? මොන….තරම් ප්‍රචණ්ඩකාරීද”?

කුඩා දූපතක සදාතනික සිරකරුවන්ව සිටිනා අප මෙයින් එහා ලොවක් ඇති බවත්; එහි අනේක මනහර දේ සිදුවන බවත් අසා ඇති මුත්…..ඒවා සියැසින් දක්නට වාසනාවන්ත කීයෙන් කී දෙනාද? අපේ අවාසනාව ගැන සදාතනික මැසිවිලි නගන්නන් අතරට වී කලාව සම්බන්ධවද එසේම වැලපෙමු. නමුදු විශ්මය නම් ඈත දේශයක සිට එවන් නිර්මාණකරුවන්
මෙරටටම පැමිණ නොමිලේම සිය නිර්මාණය ඉදිරිපත් කළද අප එ දෙස කිසිදු අවධාණයක්
නොදක්වා ඉවත බැලීමයි.

2022 ජූලි 31/අගෝස්තු 01 දෙදින එල්ෆින්ස්ටන් රඟහලේ දක්නට ලැබුන “ON MY SHOULDERS” එවන් මන බඳින, ආකර්ශණීය කෘතියකි. පුරා පැයක් එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කෙරෙනා මෙම නිර්මාණය ඒකල භාෂණයක් ඉදිරිපත් කිරීමෙහි ලා ශිල්පියෙකු සතු විය යුතු ආකර්ෂණය; භාව ප්‍රකාශණයේ හැකියාව, සටන් හෝ නර්තන හැකියාව,දරා ගැනීමේ හැකියාව සහ තාක්ෂණික දැනුම පිලිබඳ අගනා නිදර්ශණයකි.

මෙම ඒකපාත්‍ර නිර්මාණයේ නිමැවුම්කරු හා ඉදිරිපත් කරන්නා වූ RAPHAEL MOUSSA HILLEBRAND නම් වූ චිත්තාකර්ෂණීය ශිල්පියා තමා නොදන්නා බටහිර අප්‍රිකානු පියෙකුට සහ ජර්මානු මවකට දාව හොංකොන්හි උපත ලබයි. පැටි වියේදීම මව සමඟ ජර්මනියට ලඟාවන රෆායල් සිය දුඹුරු ඡවි වර්ණය නිසා අනේක අතවරයනට ලක්වෙයි.

සිය දිවි නසා ගැන්මේ අන්තයටම පැමිණියද , සිත සංසුන් කරගන්නා රෆායල් HIP-HOP නර්තනයට මනස යොමුකරමින් 2020 වසරේදී ( GERMAN DANCE AWARD) දිනා ගන්නා ප්‍රථම HIP- HOP නර්තන ශිල්පියා බවට පත්වෙයි.

නර්තනය/ රංග වින්‍යාසය මැනවින් හදාරා ඇති රෆායල් (MASTERS IN CHOREOGRAPHY) උපාධියද සම්පූර්ණ කෙරූවෙකි.මෙරට රඟදැක්වූ “ON MY SHOULDERS” ජර්මනියේ මෙන්ම ලොව වෙනත් රටවලද ගම් දනව් පුරා සංචාරය කෙරෙයි.

සිය නිර්මාණ බරපතල දේශපාලනික කාරණා සාකච්ඡා කිරීම සඳහා යොදා ගැනුනද ඕනෑම තරාතිරමක ප්‍රේක්ෂකයෙකුගේ නෙත සිත පැහැර ගැනීමට මේ අපූර්ව ශිල්පියා සමත් වෙයි.

මේ නිර්මාණය තුලදී සිය සත්‍ය දිවි පුවතේ ආරම්භයේ සිට වත්මන දක්වා අපව දුක සතුට පිරි චාරිකාවක රැගෙන යාමට රෆායල් සාර්ථක උත්සාහයක යෙදෙයි. සරණාගතයෙකුට වෙනත් දේශයකදී මුහුණ පාන්නට වන භීෂණකාරී වටපිටාව ( මේ කරුණ සම්බන්ධව මට වෙනස් කියවීමක් තිබුනද) නර්තනය, රංගනය සහ තාක්ෂණය මනාව සංකලනය කරමින් ප්‍රේක්ෂක මනසට යොමු කරනට රෆායල් සමත් වෙයි.

මෙවන් අපූර්ව නිර්මාණයක් රසවිඳින්නට අවස්ථාව ලබාදුන් එම්. සෆීර්. (INTER ACT ART) සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රේක්ෂක ගෞරවයට පාත්‍ර විය යුතුමය.ස්තුතියි!
පසු වදන:
මේ දර්ශණයන්හිදී දේශීය වේදිකා ශිල්පීන්; රංගන ශිල්පීන්;විශ්ව විද්‍යාල සිසුන් හෝ රංගන පාසල් සිසුන් ආදීහු දක්නට නොලැබුන තරම්.අපි එහෙම තමා.

හේමන්ත ප්‍රසාද්

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “අල්කයිඩා නායක අල්සවාහිරී ඝාතනය කළා” – ජෝ බයන්ඩ්න්
Next post නිමල් සිරිපාල නිදොස් – ඒ අමාත්‍ය ධුරයම නැවත දෙයි !