“අල්කයිඩා නායක අල්සවාහිරී ඝාතනය කළා” – ජෝ බයන්ඩ්න්

අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කර තිබෙන බව ඇමෙරිකාව තහවුරු කරයි.

සිය හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේදී අල්කයිඩා නායක ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් ප්‍රකාශ කළේය.

ඔසාමා බින් ලාඩන් මීට වසර 11කට පෙර ඝාතනය කිරීමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස ආයිමාන් අල්සවාහිරී පසුගිය කාලයේ රහසිගතව පෙනී සිටියේය . ආයිමාන් අල්සවාහිරී දශක ගණනාවක් තිස්සේ ඔහු ඇමරිකානුවන්ට එරෙහි ප්‍රහාරවල මහ මොළකරු විය.

සවාහිරි 71 වන වියේ පසුවූ බවත් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂිත ස්ථානයක සිටියදී අමෙරිකානු හමුදා විසින් මෙම ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.