යුක්‍රේනයේ විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරිකයා ඝාතනය වෙයි

රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික ‘ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ වන ”රයිසා” (Raisa) ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ පිහිටි දකුණු දිග ප්‍රදේශයේ නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාරයකින් 74 හැවිරිදි ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි යුවළ ජීවත්වන නිවසට ඊයේ (31) රාත්‍රියේදී රුසියානු මිසයිලය වැටී තිබෙන බව යුක්‍රේනයේ ප්‍රාදේශීය බලධාරින් පවසයි.

‘Hero of Ukraine’ සම්මානය ඒ යුක්‍රේන රජයෙන් ධනවත් ව්‍යාපාරිකයින්ට පිරිනමන සම්මානය දිනා ඇත.

මෙම ප්‍රහාරය සැලවීමත් සමඟ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නිවේදනය කළේ ධාන්‍ය අපනයන රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන තම රටෙහි මෙවන් ව්‍යාපාරිකයෙකු ඝාතනය වීම දැඩි සංවේදී සිද්ධියක් වන බවයි. එසේම සෙලෙන්ස්කි පවසන්නේ, මෙය යුක්‍රේන ආර්ථිකයට ද දැඩි පාඩුවක් බවයි.

මයිකොලයිව් (Mykolaiv) නගරය පිහිටා ඇත්තේ යුක්රේනයේ විශාලතම වරාය වන Odesa වෙත දිවෙන ප්‍රධාන මාර්ගයේ ය.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ, රුසියානු ෂෙල් ප්‍රහාරයෙන් යුක්‍රේන පාසල් දෙකකට, ක්‍රීඩා සංකීර්ණයකට, හෝටලයකට මෙන්ම නිවාස රැසකට විශාල හානි සිදුව තිබෙන බවයි.

( CNN, BBC ඇසුරින්)

සබැඳි

Leave a Reply

Your email address will not be published.