covid බියෙන් රාගම දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසායි

දුම්රිය ස්ථානය තුලම පවතින කොවිඩ් අවදානම හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසාදැමීමට පියවර ගෙන ඇත.

රාගම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර තවත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා මෙම පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු තාවකාලිකව වසා දැමුවද දුම්රිය ස්ථානයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසීය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.