ආසියානු කුසලාන තරගාවලිය ලංකාවෙන් ගැලවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට සැලසුම් කර තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය වී තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 සැප්තැම්බර් 11 අතර පැවැත්වීමට නියමිතය.
“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් අතර එම ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කළේ බොහෝ සාකච්ඡා කිරීමෙන් පසුවයි” යනුවෙන් කියා සිටියා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඊයේ (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත තරගාවලිය රැගෙන යාමට තීරණය කලද තවදුරටත් ශ්‍රී ලංකාව සත්කාරක අයිතිවාසිකම් රඳවා ගනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය යන රටවල් සමඟින් හරගාවලි සංවිධානය කලත් ආසියානු කුසලානය කණ්ඩායම් කිහිපයක තරඟාවලියක් වීම නිසා, මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවුල් මධ්‍යයේ එය පැවැත්වීමේ අභියෝග වැඩි බව ආසියානු ක්‍රිකට් කවුන්සලය වැඩි දුරටත් නිවේදනයේ සඳහන්.

සබැඳි

Leave a Reply

Your email address will not be published.