පොහොට්ටුවේ අනුරපුර මන්ත්‍රිනියට කුණු බිත්තර, ඇය හඬා වැටෙයි

Read Time:2 Minute, 8 Second

අනුරාධපුර මහ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිනී සුරංගි රේණුකා සමරතුංග හට එම මහ නගර සභාවේ සේවකයන් පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පොලිසිය මැදිහත්ව මන්ත්‍රීවරිය බේරාගෙන තිබේ.

ඊයේ (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් හට ඇසැබි වදනින් බැණවඳිමින් පාවහන් යුගලින් පහර දී ඇති බව වාර්තා විය.

පසුව එම මන්ත්‍රිවරිය අද (27)දින පෙරවරුවේ නගර සභාවට පැමිණ මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටි මොහොතේ එහි පැමිණි නගර සභාවේ නිලධාරීහු සහ සේවකයෝ විශාල පිරිසක් ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙසට දැණුම්ඩි ඇත.

ඇය එලියට නොයාම හේතුවෙන් ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලයට ගෙන එමට සේවකයන් කටයුතු කර ඇත.

නගර සභාවට පිවිසෙන දොරටුව අභියස ඇයට චෝදනා කරමින් විවිධ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධය දක්වා ඇත.
ඒ මොහොතේ ඇය හඩා වැටී ඇත. ඊයේ ඇතිවූ සිද්ධියට නාගරික කොමසාරිස්වරයා ගෙන් සමාව ගන්නා ලෙස සේවකයන් කළ ඉල්ලීම නිසා එම ස්ථානයට පැමිණි කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගෙන තිබේ.

පසුව මන්ත්‍රිවරිය නැවත නගර සභාවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන ගොස් හු හඩ හා ජල ප්‍රහාරය මැද නගර සභාවෙන් පිටතට රැගෙන ගොස් ඇත. අනතුරුව කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ ආරක්සාව මැද මන්ත්‍රීවරිය පොලිස් වාහනයකින් නගර සභා භූමියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “පොහොට්ටුවේ අනුරපුර මන්ත්‍රිනියට කුණු බිත්තර, ඇය හඬා වැටෙයි

Leave a Reply

Your email address will not be published.

Previous post බොරිස් ජෝන්සන්ට යුක්ක්‍රේන පුරවැසිභාවය – අගමැතිකමත් දෙන්නත් කතා
Next post හදිසි නීතිය සම්මතයි – ජි.එල්. සහ ඩලස් විරුද්ධ වෙයි