බොරිස් ජෝන්සන්ට යුක්ක්‍රේන පුරවැසිභාවය – අගමැතිකමත් දෙන්නත් කතා

බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි.

බොරිස් ජොන්සන් යුක්රේන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වූ චරිතයක් වන අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කළේය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට සහාය පළ කරමින් ජොන්සන් අවස්ථා දෙකකදී යුක්රේනයට පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා පසුගියදා ඉල්ලා අස්විය.

ඒ ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නීතිපතිවරයාගෙන්ද බලපෑම් එල්ල වීමත් සමගයි

එමෙන්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ගේ අදූරදර්ශී පාලනය සහ අක්‍රමිකතා පිළිබඳව එරට විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන්ම විශාල විවේචන ගණනාවක් එල්ල විය.

විශේෂයෙන්ම කුප්‍රකට පාර්ටිගේට් සිදුවීමේ සිට බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අක්‍රමිකතා මෙන්ම ඉහළ යන උද්ධමනය හා ආර්ථික අර්බුදය හමුවේ රජය නිසි වැඩපිළිවෙලක් නොයෙදීමද එම චෝදනා අතර වේ.

එමෙන්ම ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.