ලන්ඩන් යන වව්නියාවේ සටන් ශුරිය

පසුගියදා ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර කික් බොක්සින් තරඟාවලියේ දී මම කිලෝග්‍රෑම් 50- 55 බර පන්ති යටතේ තරඟ කරලා මම රන්පදක්කම් දෙකක් දිනාගත්තා. එයින් මම ලබන අගෝස්තු මාසයේ දී ලන්ඩන්නුවර පැවැත්වෙන ලෝක ශුරතා තරඟා වලියට සුදුසුකම් ලැබුවා. එහිදී මම අපේ රටට රන් පදක්කම දිනාදෙන්න බලාපොරොත්තු වෙනවා. යනුවෙන් වව්නියාව මල්මඩුව ගම්මානයේ ජිවත්වන සෙව්මිණි ඉමාෂා ජයවර්ධන බිබිසි මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක පහ ඇතුලේ පිරිමි ළමයි තමා මේ ක්‍රීඩාව හදාරන්නේ. අපි ජීවත්වෙන ප්‍රදේශය ගත්තම මම විතරයි සටන් කලාව හදාරන ගෑණු ළමයෙකු ට ඉන්නේ. මම කික් බොක්සින් ,වූශූ,බොක්සින්,ජුඩෝ, ටයිකොන්ඩෝ,රෙස්ලින් ආදී සටන් කලා හදාරලා තියෙනවා.ජුඩෝ, ටයිකොන්ඩෝ වලින් පළාත් මටටමේ ජයග්‍රහණ අත් කරගෙන තියෙනවා. යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

2020 වර්ෂයේ රටවල් විස්සක් අතර පැවති ජාත්‍යන්තර දී රන් පදක්කම දිනා ගන්න සමත්වුණ සෙව්මිණි දියණිය, වව්නියාව මඩුකන්ද ධර්මරතන පිරිවෙනේ අධ්‍යාපනය ලබන ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටිනවා.

මුළදී තාත්තා වැඩිය කැමති වුනේ නැහැ. ගෑණු ළමයෙකුට ගැලපෙන්නේ නැහැ කියලා. ගමේ අයත් එහෙම කිව්වා. නමුත් දුෂ්කරතා හමුවේ තමන්ගේ ඉලක්කය අත් නොහැරිය යුතු බව සෙව්මිණි ප්‍රකාශ කර සිටිනවා.

සබැඳි

Leave a Reply

Your email address will not be published.