ජපානය සමුහ ඝාතකයකු වසර 14 පසු එල්ලා මරයි

2008 වසරේදී අකිහාබාරා නගරයේ පුද්ගලයින් 08 කු ඝාතනය එවක 25 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්ව වසර 14 පසු එල්ලා මරාදැමීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබේ.

අකිහාබාරා නම් නගරයේ පදික වේදිකාවක ආහාරගනිමින් සිටි පිරිසක් වෙත ට්‍රක් රථයක් පදවාගෙන ගොස් මෙම 08 දෙනා ඝාතනය කර තිබු අතර එල්ලා මරාදැමීමට තීරණය කරන විට මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 39 කි.

මෑත ඉතිහාසයේ ජපානයෙන් වාර්තාවූ දරුණුතම සමූහ ඝාතන සිද්ධිය මෙය වන අතර මෙම අනතුරින් තවත් අටදෙනෙක් බරපතළ තුවාල ලැබ තිබේ.

තමාට නිතර විහිළු කිරීමත් හිරිහැර කිරීමත් නිසා ඊට සමාජයෙන් පළිගැනීම ට මෙවැනි තීරණයක් ගත් බව කේටෝ එදා පොලීසියට පවසා ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.