“අපිට ටිවිටර් පණිවිඩ නෑ, අපි මහමගට වැටුණු, ඒ නිසා අපි රනිල්ට ඡන්දෙ දුන්න”

මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

ගෙවල් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණු බවත් තමාද එසේ මහමගට වැටුණු පුද්ගලයකු බවත් ඔහු පැවසුවේය.

“අපේ කෙනා ඩලස්. මට ඩලස් කතා කරලා කිව්වා එයාට ඡන්දෙ දෙන්න කියල. මට රනිල් වික්‍රමසිංහත් කතාකළා. අපේ ගෙවල් ගිනි තිබ්බ අපි ඒකට විරුද්ධයි. ඒ නිසා අපි රනිල්ට ඡන්දෙ දුන්නා.”

මේ අතර හැට නව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ සහ , තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.