උෂ්ණාධික වීම නිසා දින 12 ක් තුළ ස්පාඤ්ඤයේ 500 ක් මියගිහින්

ස්පාඤ්ඤයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දින 12 ක් තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 500කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ස්පාඤ්ඤයේ මේ මස මුල සිට ජුලි මස 09 වනදා සිට මේ දක්වා එම මරණ වාර්තා වී ඇති බවද අධික උෂ්ණත්වය හේතුවෙන් දෛනික කටයුතු සදහා ද දැඩි බලපෑමක් එල්ල වීම නිසා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම මරණ 500කට ආසන්න සංඛ්‍යාව අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීර දුර්වලතා සහිත සහ විවිධ නිදන්ගත රෝග සහිත පුද්ගලයින් මෙම මරණ අතර බහුතරයක් වන බව ද වාර්තා වේ.

මෙම මරණ සංඛ්‍යාව උෂ්ණාධික කාළගුණ තත්වයක් තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.