පාර්ලිමේන්තුවට පැමිණ වසර 45 කට පසු ජනවරමක් නැතිව රනිල් ජනපති ලෙස දිවුරුම් දෙයි

Read Time:1 Minute, 24 Second

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ ය.

සාමාන්‍යයෙන් බැලුව හොත් කිසි දිනක ජනතා ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති විය නොහැකි බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ නමුත් මන්ත්‍රීවරයෙක් වීමටවත් ජනවරමක් නොතිබුණු රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පැමිණ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙන් ඊයේ දින ඔහු ජනාධිපතිවරයා බවට පත් විය.

අද දිනයේ විශේෂත්වයන් දෙකක් තිබේ. එනම් ලොව පළමු අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක දිවුරුම් දුන්නේ ද 1960 ජුලි 21 වැනි දින වීමත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත් වන්නේ ද 1977 ජූලි 21 වැනි දා වීමත්ය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “පාර්ලිමේන්තුවට පැමිණ වසර 45 කට පසු ජනවරමක් නැතිව රනිල් ජනපති ලෙස දිවුරුම් දෙයි

Leave a Reply

Your email address will not be published.

Previous post 08 වැනි විධායක ජනාධිපති රනිල් ආවත් අරගලය දිගටම
Next post අගමැති සටන තවත් උණුසුම්