අග්‍රාමාත්‍යධූරය රිෂීට..?

පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය එරට හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පාලක පක්ෂය වන ‘කොව්සවර්ටිව්’ පක්ෂයේ නායකත්ව සටනේ ඉදිරියට පැමිණීමට ඉන්දීය සම්භවයක් ඇති 42 හැවිරිදි සුනාක් සමත් වීමත් සමඟය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි.

පක්ෂ නායකත්වය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් ඊයේ (18) පැවැත්වුණු අතර, එහිදී වැඩි දෙනාගේ මනාපය රිෂී සුනාක්ට හිමිවිය යුත ඡන්ද විමසුම පැවැත්වූයේ ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වර්ටිව් පක්ෂය මන්ත්‍රීවරු 358 දෙනකු සිටින අතර, එයින් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසකගේ කැමැත්ත සහ විශ්වාසය දිනාගන්නා අපේක්ෂකයා ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකයා මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වනු ඇත.

හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක්, විදේශ කටයුතු අමාත්‍යවරිය ලිස් ට්‍රස්, වෙළඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටොම් ටුගෙන්ඩාට් එම පස්දෙනාය.

ඊයේ (18) ඡන්ද විමසුමේ දී, හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් ට කොන්සර්වර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු 115 දෙනකුගේ සහාය හිමිවිය. වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය පෙනී මොර්ඩෝන්ට් සහාය ලබා දුන් මන්ත්‍රීවරුන් ගණන 82 කි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.