භූමිතෙල් මිලත් ඉහළට..!

භූමිතෙල් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 87කට බවත් සංස්ථාවට භූමිතෙල් සඳහා රුපියල් හාරසිය විස්සක් වියදම් වෙන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
ඉන්ධන ටික හරියාකාරව බෙදන්න නම් ඉන් පාඩුවක් අත් නොවිය යුතු බවද “සංස්ථාව මේ දක්වා තෙල් දුන්නේ අඩු මිලට එහෙත් දැන් එය කිරීමට නොහැකි බවද ඔහු පැවසුවේය.
“භූමිතෙල් මිල වැඩි කළාම ධීවරයාට ආණ්ඩුව ගහනවා කියලා චෝදනා කරාවි. අනිත් පැත්තෙන් ඔවුන් ඉන්ධන දෙන්න කියලා කෑගහනවා.
ඉන්ධන ටික දෙන්න නම් පාඩුවක් නැතිව අලෙවි කරන්න ඕන. අපිට ණය ගෙවන්න සහන කාල සීමා දැන් ලැබෙන්නේ නැහැ.
ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්. ඛනිජ තෙල් සංස්ථාවේ ණය සීමාව වැඩි කළ යුතුයි කියලා යෝජනා කරන්නේ ඒ නිසයි. යනුවෙන් ඔහු පැවසීය.