ගෝටාගේ වැරදි තීරණයෙන් ණය වූ ගොවීන්ගේ ණය කපාහැරීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ හේතුවෙන් ගොවීන් විසින් බැංකු විසින් ලබාගෙන නොගෙවූ ණය අක්‍රීය ණය ලෙස බැංකු විසින් වර්ගීකරණයකට ලක්කර ඇත.

ඒ අනුව ඉදිරි මහ කන්නයේදී වී වගාව සඳහා ණය ලබාගැනීමට යාමේදී ගොවීන් පත්වන අසීරුතාවය සැළකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කරන ලෙස පවසමින් පසුගිය කන්න කිහිපයක් සඳහාම පොහොර ලබා නොදීමත් සමග ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

මේ අතර හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමින්, ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන චීන කාබනික පොහොර රැගත් මෙම නැව දින 70 ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් ලා සිටි අතර පසුව හිපෝ ස්පිරිට් (HIPPO SPIRIT) නෞකාව සිංගප්පූරුව බලා යාත්‍රා කළේය.

මේ අතර එම සමාගම විසින් අදාළ වන්දි මුදල ඉල්ලා ඇත්තේ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම බේරුම්කරණ විනිශ්ය සභාව හරහා ඩොලර් මිලියන 8ක වන්දියක්ද ඉල්ලා තිබිණි.

කාබනික පොහොර මිලදී ගැනීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව විසින් උල්ලංගණය කර ඇති බව චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. සමාගම ඉල්ලා සිටින වන්දියට පොහොර තොගයේ වටිනාකම, නැව්ගාස්තු, බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා වැයවන ගාස්තු හා පොලියක් ද ඇතුලත් වන බවට ඔවුන් පවසා තිබිණි.

මේ අතර, කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියේ චීන කාබනික පොහොර රැගත් Hippo spirit නැව චීනයෙන් පිටත්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාණිජ්‍ය බලපත්‍රයක් ලබා නොගෙන බවයි.

කෙසේවෙතත් අහිතකර ක්ෂුද්‍රජීවීන් සහිත පොහොර නැව පරමාණු බෝම්බයකටත් වඩා භයානක බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසා තිබිණි.

කෙසේවෙතත් ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැනෙහි යෙදෙන ගොවියන්ගේ අස්වැන්න පාළු වීමත් සමග මෙලෙස ණය ගෙවා ගැනීමට නොහැකිවිය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.