අමෙරිකාවේ නිදහස් දින පෙළපාලියට වෙඩි

අමෙරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති නිදහස් දින පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

පොලිසිය සදහන් කර ඇත්තේ වෙඩි තැබූ සැකකරු අධි බලැති රයිෆලයකින් පෙළපාලියට පැමිණ සිටි පිරිසට අහඹු ලෙස ඉලක්ක කර ඇති බවයි.

පුද්ගලයින් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති බව බලධාරීහු පවසති.

ඉලිනොයිස් හි හයිලන්ඩ් පාර්ක් නගරයේ පැවති උත්සවයේ පෙළපාලිය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු අමෙරිකා වේලාවෙන් රාත්‍රී 10:15 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩිතැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 22 හැවිරිදි රොබට් ඊ ක්‍රිමෝ III ලෙස නම් කර ඇත.

නගරයේ නිදහස් දින සැමරුමේ කොටසක් ලෙස පෙළපාලි, තූර්ය වාදක සහ ප්‍රජා විනෝදාස්වාදය ඇතුළත් කිරීමට මෙම උත්සවය සැලසුම් කර තිබුණු බව සදහන් වේ.

1776 වසරේ දී ඇමරිකාව යටත් විජිතයක්ව සිට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කළ දිනය සනිටුහන් කරන ජාතික නිවාඩු දිනය වන්නේ ජූලි 04වැනිදාය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.