වීඩියෝ කළ පුද්ගලයාට හමුදා නිලධාරියා මරණ තර්ජන කරලා

අද උදෑසන සිට සමාජමාධ්‍ය හරහා සංසරණය වූ කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී හමුදා නිලධාරියෙකු සිවිල් තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් පටිගත කළ පුද්ගලයාට එම හමුදා නිලධාරියා මරණ තර්ජන කළ බව එම පුද්ගලයා youtube නාලිකාවකට ප්‍රකාශ කරයි.

මෙම පහරදීම පටිගත කළ කුරුණෑගල පදිංචි රසික හේරත් පවසන්නේ අදාළ සිදුවීම සමාජ මාධ්‍යවල ප්‍රචාරයවීමෙන් පසු මෙම ලුතිනන් කර්නල්වරයා තමන්ට දුරකතනයෙන් කතාකර පරුෂ වචනයෙන් බැන අවස්ථා දෙකකදී තර්ජනය කළ බවයි.

මේ හේතුවෙන් තමන්ගේ දරුවා හා බිරිද මේ වන විට වෙනත් නිවසකට ඔහු රැගෙන ගිය බවද රසික හේරත් පවසයි.

මම ගැහුවට වැදුනේ නෑ

ඉන්ධන පිරවුම්හලේදී සිද්ධියට අදාළ ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ තමන් එම පුද්ගලයාට පයින් පහරදුන්නද එය ඔහුට නොවැදුන බව ප්‍රකාශ කරයි.

මෙම ලුතිනන් කර්නල් වරයා පවසන්නේ තමන් කුරුණෑගල ප්‍රදේශයේ සේවය කරන කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකු බවයි.

මෙම අවස්තාව වන විට ඉන්ධන පෝලිම අවට පාතාලයෙන් සිටින බවට ලද තොරතුරු අනුව එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කිරීමට උත්සාහ කළ බව ලුතිනන් කර්නල් පවසයි.

එම පුද්ගලයාට පහරදුන් බව තමන් පිළිගන්නා බවද ලුතිනන් කර්නල්වරයා මෙහිදී සදහන් කරයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.