“කාංචන අපෙන් නෙමෙයි තෙල් ගහගත්ත විදිහ අහන්න ඕනෙ, එයාගේ කට්ටියගෙන්”

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවක් එහි ප්‍රධාන කාර්යාලයේ පැවති අතර එහිදී පක්‍ෂ නායක අනුර දිසානායක මෙම අදහස් පළකළඅතර එයට පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත එක් වී සිටියේය.

“ඛනිජ තෙල් ඇමතිටවත් තෙල් නැති අවස්ථාවක අනුරට තෙල් තිබෙන්නේ කොහොමද කියලා ඇමතිවරයා ප්‍රශ්න කර තිබුණා. මම කියන්න කැමතියි මෙහෙම. ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් ලබාගන්න අවස්ථාව දුන්නා. අපි ඒ විශේෂ අවස්ථාව යොදාගත්තේ නැහැ. ඉන්පසුව පාර්ලිමේන්තුව මගින් අපට තෙල් ලබාදෙන්න යෝජනා කර තිබුණා. අපි ඒ අවස්ථාව ලබාගත්තෙත් නැහැ. ඒ වගේම කොලොන්නාව තෙල් ගබඩාවෙන් සුපිරි රථ විශාල ප්‍රමාණයකට ඉන්ධන ලබාදී තිබුණා. කංචන සොයන්න ඕනෑ මේ විශේෂ වරප්‍රසාදය ලබාදුන්නේ කාටද කියලා. අපි සාමාන්‍ය පුරවැසියන් ලෙස ඔවුන්ට ලබාදී තිබෙන පෝලිම්වල අපේ සහෝදරවරුන් දින හතර, පහ රැඳීසිටිමින් අවශ්‍ය තෙල් ලබාගන්නවා. කංචන ඇමතිවරයාට පැවරී තිබෙන්නේ ජනතාවට විහිළු සැපයීම නොවෙයි, තෙල් ලබාදීමයි. අපි සෑම විටම මැති ඇමතිවරුන්ට ලබාදෙන විශේෂ වරප්‍රසාද ලබාගන්නේ නැහැ. ඩීසල්වලින් ධාවනය කරන වාහන පාරේ යනවා. ඒ වාහනවලට තෙල් ගත්තේ කොහොමද කියලා ඇමතිවරයා සොයන්නේ නැහැ.
අපිට තෙල් නැත්තටම නැති වුනත් අපි කරත්ත වලින් හෝ පයින් ගිහින් හරි අපි දේශපාලනය කරනවා.
අද පාර්ලිමේන්තුවට ආපු වාහන බලන්ඩ. මොන මොන වාහන කොච්චර තෙල් ගහගෙන එනවද කියල. ඒ ඔක්කොම මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා කොලොන්නාවෙන් හෝ නාරාහේන්පිටින් ගහගත්තු අය. අපි එහෙම තෙල් ගහගෙන නෑ. මේ ප්‍රශ්නෙ අහන්ඩ ඕනෙ කාංචන එයාගේ කට්ටියගෙන්. අපෙන් නෙමෙයි.”

මෙහිදී ටිල්වින් සිල්වා අදහස් දක්වමින්, “දැන් අනුර දිසානායක යන වාහනය විතරද ඩිසල් වලින් දුවන වාහනයක් පාරෙ දුවන්නේ. පාරෙ මේ හොහොතෙත් ඩිසල් වලින් දුවන වාහන පාරෙ යනවා. එහෙනම් ඒවටත් තෙල් කොහෙන්ද කියල හොයන්න එපායැ මේ කතාව හරි පාරෙ වෙන වාහන යන්නේ නැතුව අනුර දිසානායකගේ වාහනය විතරක් පාරෙ ගියා නම්. කවුරුත් පෝලින් වල ඉඳල තෙල් ගහගෙන පරිස්සම් කරගෙන අවශ්‍යම ගමන් යනවා. කංචනල කැමතියි තෙල් නැතිකරලා අපි යන ගමන් නවත්තන්ඩ එහෙමනම් වෙන්නේ නෑ. කංචනගේ බැරිකම වහගන්න කියන කතා විතරයි මේ.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.