කෝපන්හේගන් නුවර තරුණ වෙඩික්කරුවෙක් අතින් 3 ක් ඝාතනය වෙයි

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු රයිෆලයක් අතැති පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් ව 10 දෙනෙක් පමණ තුවාල ලැබ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
වෙඩි තැබීම කර ඇත්තේ, 22 හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයකු බවත් කළේ හැඩිදැඩි තරුණයෙකි. තරුණයා ජීවග්රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත්, පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පැවැසුවේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය.
මෙම වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත්, ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.