පාසල් සතියක් නිවාඩු – එම සතියේ රට වැසෙයි?

රජයේ පාසල් සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් හෙට (04) සිට මේ මස 8 වනදා දක්වා එනම් සතියක් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණයට පැමිණ ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (03) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

පසුගිය සති දෙක තුළ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගති සමාලෝචනය කිරීමෙන් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබඳ දැනුම්දීමද සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසැල් මෙන්ම රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

රෝහල්, ගිලන්රථ සේවා මෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අරබුදය බලපා ඇති බැවින්, රජය ප්‍රකාශන කරන පරිදි ඉන්ධන ආනයනය කරන තෙක්ම මෙම අවදානම් තත්වය පවතිනු ඇති බව ද වාර්තා වෙයි.

මෙම නිවාඩු ලබා දෙන සතිය තුළ දී අහිමිවන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා බස් රථ වලට පමණක් නොව,සෞඛ්‍ය සේවා ,අධ්‍යාපන ආදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ද නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.

මේ තත්වය තුළ ඉදිරි සතිය රටේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් වී ඇතැයි දැනගන්නට ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.