කඳුළ පමණක්ම උරුම කළ බිමකට සතුටු කඳුළක් කැටුව ආ හැක්කේ හැමටම නොවේ… යුපුන් ඔබ එවන් මිනිසෙකි,- අනුර

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වෙන් මෙම වසරේදී ආසියානු ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත්ම කාළය වාර්තා කරන්නට අද (03) දිනයේ හැකියාව ලැබිණි.

යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 ඉසව්ව තත්පර 9.96 කින් අවසන් කළේ ලෝකයටම අලුත් අභියෝගයක් කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ යුපුන් අබේකෝන්ට දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තා යළි අලුත් කරන්නටත් හැකියා ලැබිණි.

මේ අතර දකුණු ආසියානු ක්‍රීඩකයකු මීටර් 100 ඉසව්ව තත්පර 10කට අඩු කාළයකින් අවසන් කළ පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

මෙම ජයග්‍රහණයට සුබපතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණි.

කඳුළ පමණක්ම උරුම කළ බිමකට
සතුටු කඳුළක් කැටුව ආ හැක්කේ
හැමටම නොවේ…
ඔබ එවන් මිනිසෙකි,
රටට මඟ පෙන්වමින්
අප ඉදිරියෙන් දිව යන…
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා
යුපුන් අබේකෝන් සොයුර,
ඔබට සුබපැතුම්!

  • අනුර කුමාර දිසානායක

රටට මඟ පෙන්වමින් අප ඉදිරියෙන් දිව යන… දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා

yupun abekon

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.