අරගලයට පියාපත් දෙන අල්ප සිත්තරුන් අතර දියුනු කලාකරුවෙක්

මගේ පරම්පරාවේ Kosala Kumara තමයි මේ ඉන්නෙ. චිත්‍ර කලාව සම්බන්ධ ඉතිහාසයක් ඇතුළෙ ඔහුගෙ සොබාවික පවුලෙ තාත්ත ලොකු සංකේත වටිනාකමක් ගේනවා. විව්ධ කලා ශානරයන් එක්ක වැඩ කළ කෝසලගෙ පියා රූකඩ කලාව සම්බන්ධව ශාක්ෂරතාවයෙන් පොහොසත් කෙනෙක්. කලාකරුවෙක් වන ඔහු දියුණු ගුරුවරයෙක්. මේ ඉතිහාසය තමයි කෝසලගෙ map එක. මේ map එක දිගේ ගමන් කරන කෝසල සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. පිටරවල් කිහිපයක් සමග ඔහු කලාව ප්‍රගුණ කළ අතර ඔහු මේ වෙද්දි කලාවේ දේශපාලනයත් දේශපාලනයේ කලාවත් විනිවිදිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා කලවේ භාවිතය සම්බන්ධ විවෘත අදහස් කොතෙක් තිබුනත් තමන් හුස්ම ගන්න පරිසරය ඕපපාතික එකක් කියල කලාකරුවෙකුට අයින්වෙන්න බෑ කියල. කලාවේ සෞන්දර්ය එදා වගේ නෙවි අද. ඒ අදහස දැන් වෙනස්. හිතන පතන විදියෙ ඉඳන් ගොඩක් දේවල් වෙනස් වෙමින් යනවා. කෝසල ගොඩනගන්නෙ මෙන්න මේ කලාවේ වෙනස්වීම කොහොමද මාර්ක් කරන්නෙ කියල.මමත් කැමති කලාපය ඒක. ඕනම නිදහසක් කලාකෘවෙකුට තියෙන බව ඇත්ත. නමුත් එළිය කුණු වෙද්දි ලේසියෙන් මනුස්සයෙකුට ඇස් කන් වහගෙන ඉන්න බෑ කියන එක කෝසල මේ පෙන්වන්නෙ.

කෝසල ලංකාවේ චිත්‍ර කලා සාහිත්‍ය අලුත් කරමින් ඉන්නවා. එකතරා විදියක මේවා අද දවසේ සමාජයේ දේශපාලනික දෘෂ්ටිවාදයේ කලාත්මක පොලාපැනීමක්. අපට මේ කෘති මගාරින්න බෑ. මොකද මේ සමාජ මොහොත අපට මනුස්සයෙක් හැටියට කුඩාම තැන ඉඳන් සියලූම දේවල් අතුරුදහන් කරමින් ඉන්න නිසා. අරගලය තුළින් මුවහත් වී අරගලය මුවහත් කරන කෝසල ඔබ අපට වටින්නෙ අපේ වැඩිහිටි පරම්පරාව ට කරන්න බැරි වූ දෙයක් කරමින් ඉන්න නිසා. මම දන්නවා ඔබ අරගල බිමටත් භෞතිකව පැමිනි කෙනෙක්. එතැනින් නොනැවතී ඔබ ඔබේ කාර්‍ය කරමින් ඉන්න විට අපි ඔබට ආචාර නොකර ඉන්නෙ කොහොමද?. කෝසලගෙ මේ චිත්‍ර කවදක හෝ ඉතිහාසය කියවද්දි අපට මුනගැහෙන හොඳ අමුද්‍රව්‍ය ටිකක් වෙනවා සත්තයි. අයිෆල් කුළුන නූතනත්වයේ සංකේතයක් හැටියට ප්‍රංශයේ චිත්‍ර ශිල්පීන්ගෙ කැන්වස්වල ඇඳෙන්නෙ අහම්බෙන් නෙවෙයි. කෝසලගේ මේ එලිමන්ට්ස් අහම්බයන් නෙවෙයි. ඉතාමත් සවිඥානික රූප ඔබ මේ අරන් තියෙන්නෙ. අරගලයේ ඉතාමත් අල්ප සිත්තරුන් අතර ඔබ අද දවසේ අරගලයට පියාපත් දෙන දියුනු කලාකරුවෙක්. ජය

ප්‍රගීත් රත්නායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.