මනිපූර්හි නායයාමෙන් අතුරුහදන් පුද්ගලයින් සොයා මෙහෙයුම්

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ දැවැන්ත නාය යෑමකින් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

නෝනි දිස්ත්‍රික්කයේ ටුපුල් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කඳවුර ආසන්නයේ සිදුවූ මෙම නායයාමෙන් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටිති.

මේ වනවිට පුද්ගලයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර පුද්ලගයින් 18 දෙනෙකු බේරාගත් බව එම මෙහෙයුම බාර නිළධාරීන් පවසා තිබේ.

විශේෂයෙන්ම “ප්‍රදේශයේ පස් ඉතා ලිහිල් බැවින් අපි දැනට පවතින ගලවා ගැනීමේ මෙහෙයුම ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ගලවා ගැනීමේ මෙහෙයුම අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාන්ත රජයේ අමාත්‍යවරුන්, ප්‍රාදේශීය නීති සම්පාදකයින් සහ විවිධ නිලධාරීන් ටුපුල් හි නායයෑමෙන් විපතට පත් ස්ථානවල කඳවුරු බැඳගෙන සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මේ අතර අසල්වැසි ඇසෑම් ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 173 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.