පාපන්දුවෙනුත් කෝටි 5ක් ගසා කාලා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මූල්‍ය කළමනාකරු විසින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.

තරගාවලිවල විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී මෙලෙස වංචා කර ඇතැයි හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

එහි නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා නිර්දේශ කර ඇත.

මේ අතර පාපන්දු සම්මේලනයට 2017 වසරේ සිට නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුවී ඇති අතර ආයතනයේ ප්‍රසම්පාදන සැලැස්ම පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

මූලාශ්‍රය ලංකාදීප

සබැඳි

Leave a Reply

Your email address will not be published.