“පෝලිම්වළ ජනතාවට පොලීසිය පොඩි සද්ද දානවා. ගනන්ගන්න එපා ඒ අය ඒ බනින්නෙ ගෝඨාභයට”

ආණ්ඩුව පන්නමු! පාරට බහිමු! ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණ පෙළපාලිය හා රැලිය අම්බලන්තොට නගරයේ දී ඊයේ (01) පස්වරුවේ පැවැත්විණි. එහිදී ජනහමුව අමතු ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසූ අදහස් මෙසේය

“පසුගිය දවසක ආණ්ඩුපක්‍ෂයේ කණ්ඩායම රැස්වෙලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉල්ලල තියනවා ඒගොල්ලන්ට ආයුධ දෙන්න කියල. එක්කෙනාට තුවක්කු හතරගානේ දෙන්න අපි බලාගන්නම් කියල ඉල්ලල තියනවා. නමුත් ඒකට පොඩි කසුකුසුවක් ගිහිල්ල පසුව කියල තියනවා, ඒගොල්ලෝ තෝරාගන්නා ලද ග්‍රාමාරක්ෂකයන පස්දෙනෙක් මන්ත්‍රීවරයට දෙන්න ගිනි අවි සමඟ පුහුණුවකුත් දීලා. මේ පැරා මිලිටරි. මේකෙන් මන්ත්‍රීවරයා තමන්ට හදාගන්නව පාතාල බලකායක්. මේක නීති විරෝධීයි. මේ කොතනටද යමින් තියෙන්නෙ, ආණ්ඩුව නීත්‍යානුකූල පොලිසියේ රැකවරණය ප්‍රතික්‍ෂේප කරලා තියනවා. ඒ ඇයි. පොලීසිය විශ්වාස නෑ. හමුදාව විශ්වාස නෑ. අපි පොලීසියේ මහත්වරුන්ට ආරාධනා කරනවා.”

“අද පොලීසියේ මහත්වරු වේලාසන යුනිෆෝම්එක ඇඳගෙන පෝලිමේ ඉන්නවා පෝලිම බේරන්න. හවසට යුනිෆෝම්එක ගලවලා පෝලිමේ ඉන්නවා තෙල් ගන්න. ජනතාව එකපාරයි පොලීසිය දෙපාරයි. මේ පිඩාව අපටත් වැඩියෙන් පොලිස් නිලධාරි මහත්වරුන්ට තියනවා. ඒ අයගෙත් ගෙවල් වළ දරුවෝ ඉන්නවා. මේ ප්‍රශ්න ඔක්කොම ඒ අයටත් තියනවා. ඉතිං ඉන්න ගමන් පෝලිමේ ඉන්න අයට පොඩි සද්දයක් දානවා. ගනන්ගන්න එපා ඒ ගෝඨාභයට බනින්නෙ. ගෝඨාභයට බනින්ඩ බැරිහින්ද පෝලිමේ ඉන්න එක්කෙනාට බනිනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා පොලීසියට ඒ වගේම ත්‍රිවිධ හමුදාවට.”

“ඒගොල්ලො අපෙන් වෙනස් වෙන්නෙ, ඔවුන්ට යුනිෆෝම් එකක් තියනවා. ආණ්ඩුවෙන් එන නියෝගෙට ඔවුන් කටයුතු කරන්න ඕනෙ කියල මතයක් හදල තියනවා. හැබැයි මේවගේ ව්‍යසනයකදී හැමදාමත් ලෝකයේ පොලීසිය, හමුදාව හිටගන්නේ ජනතාවගේ පැත්තෙ. ආණ්ඩුව සැලසුම් කරල තියනවා පොලීසිය, හමුදාව සමඟ ජනතාවගේ ගැටුමක් නිර්මාණය කරන්න. අපි ඒ උගුලට අහුවෙන්න හොඳ නෑ.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.