මෙරට භාණ්ඩ මිල වැඩිවීමේ වේගය 50% ඉක්මවයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ භාණ්ඩ මිල වැඩිවීමේ වේගය සියයට 50 ඉක්මවා තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සඳහන් වන පරිදි ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආහාර මිල ගණන් පසුගිය මාසය තුළ 80% කින් ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම 42.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන බලපෑමක් සිදු කර ඇති අතර සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් අහාර මිල ගණන් ඉහළ යාමද මීට හේතු වී තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.