මුලතිව් පාසැල් ශිෂ්‍යාවන් හයක් ගුරුවරයකුගේ ලිංගික අතවරයට ලක්වෙලා

මුලතිව් ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවන් හය දෙනෙකු ලිංගික අතවරවලට ගොඳුරු කළ පාසල් ගුරුවරයකු අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතුව විරෝධතාවක් පවත්වන ලදී.

මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් ඊයේ (30) සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබේ

මුලතිව් පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම අතවරයට ලක්වී ඇති ශිෂ්‍යාවන් හය දෙනා රෝහල්ගත කොට තිබේ. ඉන් පසු ලබා ගත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කළේය.

අදාළ සැකකාර ගුරුවරයා සිද්ධිය සිදු වූ දවසේ එම ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.