කන්දකාඩු මියගිය තරුණයාගේ සිරුර එයාගෙ නෙමෙයි – ඥාතීන් කියයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී ඊයේ (29) මියගිය තරුණයාගේ අනන්‍යතාවය පිළිබඳව මේ වනවිට ගැටලු‍කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

එනම් එම සිරුර, ඊයේ මියගිය බවට ප්‍රකාශ කළ හාලිඇල උඩුවර ප්‍රදේශයේ තරුණයාගේ නොවන බව එම පවුලේ ඥාතීන් හඳුනා ගැනීමත් සමඟය.

මෙම සිදුවීම පිලිබඳ පොලිසිය කළ දැනුම්දීමක් අනුව එම පවුලේ ඥාතීන් හාලිඇල ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ප්‍රදේශයට ගොස් තබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් මාධ්‍යට පවසා ඇත්තේ, මියගිය තරුණයාගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු අනුව අදාළව පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බවයි. මේ අතර ඔහු පවසන්නේ, කඳවුරෙන් පලාගිය 653 දෙනෙකු යලි රැඳවුම් භාරයට ගෙන ඇති අතර, 72 දෙනෙකු තවමත් සොයාගෙන නැති බවයි.

මෙම රැඳවියන්ව පොළොන්නරුව, අනුරාධපුර, දුම්බර, මඩකලපුව යන බන්ධනාගාරවල රඳවා ඇති බව බලධාරීන් පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.