ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගෙදර යනු ගාලු කොටුපවුර මතදි විරෝධතාවයක්

රටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කණ්ඩායමක් විසින් අද (30) ගාලු කොටුපවුර මතදි විරෝධතාවයක නිරත විය.

තම අත තිබු පෝස්ටර් ඉරාදැමීමට උත්සාහ කළ බව විරෝධතාකරුවෝ පවසා සිටි අතර එහිදී යුද හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත්කිරිමට යාමේ දි උණුසුම් තත්වයක් ඇතිව ඇත.

ගාලු කොටුපවුර යනු ඕනැම පුද්ගලයෙකුට නිදහසේ ප්‍රවේශවිමට ඇති ස්ථානයක් බවත් පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශකිරිමට බාධා කිරිමට පොලිසියට හෝ යුද හමුදාවට අයිතියක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ ජි.එච්.අජිත් කුමාර එහිදී පවසා තිබිණි.

මේ පිළිබඳව ශ්‍රිලංකා නිතිඥ සංගමයට ද දැනුම් දි ඇති අතර ඒ් සම්බන්ධයෙන් නීතිඥ සංගමය විසින් මේ පිලිබඳව හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

අදාල ලිපිය පහළින්

සබැඳි

Leave a Reply

Your email address will not be published.