තෙල් බෙදාහරින්න එන්න – IOC

හෙට (01) දින සිට දිවයින පුරා පිහිටි ලංකා අයි .ඕ සී සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීමට සුදානම් කර ඇති බැවින් එම ටැංකි රථ සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
අදාළ ඩීසල් තොගය ලබාගැනීම සඳහා මේ වනවිට ගෙවීම් සිදුකර ඇති බවද වාර්තා වේ.