වෙළඳ භාණ්ඩ වලට අලුත් නීතියක්

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි මිල, බර ඇතුළු තව ත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සියලු වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු වන ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මගින් සටහන් කර තිබීම අනිවාර්යය වේ.
එසේ නොමැතිව වෙළෙඳ භාණ්ඩ කිසිවක් සෑදීම, ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇසුරුම් කිරීම, විකිණිම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් පත්‍රය මගින් අවධාරණය කර ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
එම ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
