ඉන්දියානු සමාගම් රුසියාවෙන් කරන මිලදී ගැනීම් වලට චීන යුවාන් වලින් ගෙවයි

Read Time:1 Minute, 38 Second

ඉන්දියාවේ ප්‍රධාන පෙලේ සිමෙන්ති නිෂ්පාදන සමාගමක් වන අල්ට්‍රාටෙක් සිමෙන්ති සමාගම ඇණවුම් කරන ලද ගල් අඟුරු මෙට්‍රික් ටොන් 157,000 කට ගෙවියයුතු මුදල් චීන යුවාන් මුදලින් ගෙවා දමා ඇති බවත් තවත් ප්‍රමුඛ පෙළේ ඉන්දිය සමාගම් කිහිපයක්ම එලෙස යුවාන් ගෙවීමට කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව යුක්‍රේනය සමග යුද ගැටුමකට අවතීරණය වීමත් සමගම ඇමෙරිකාව මෙන්ම යුරෝපා රටවල් විශාල ප්‍රමාණයක් රුසියාව ට එරෙහිව ආර්ථික සම්බාධක පනවන්නට කටයුතු කිරීමත් සමඟ මෙම තත්වය උදාවී තිබේ.

විශේෂයෙන් රුසියානු ඛනිජ තෙල් සහ ගෑස් මිලදී ගැනීම මෙම රටවල් විසින් අත්හිටුවීමට කටයුතු කිරීම මීට ප්‍රධාන කාරණය වී තිබේ.

එනමුත් යුරෝපාකරයේ ගෑස් සැපයුමෙන් 40% ක භාරයක් දරන රුසියාව තවමත් ගෑස් අපනයනය නවතා නැත.

මේ අතර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඇමරිකානු ඩොලරය වෙනුවට රුසියානු රූබලය සහ චීන යුවාන් මුදල් ඒකකය ශක්තිමත් කිරීම සඳහා චීනය සහ රුසියාව එක්ව කටයුතු කරන තත්වයක් මත ඉදිරියේදී රූබලය සහ චීන යුවාන් තව තවත් ජනප්‍රිය වනු ඇති බවයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “ඉන්දියානු සමාගම් රුසියාවෙන් කරන මිලදී ගැනීම් වලට චීන යුවාන් වලින් ගෙවයි

  1. Do you mind if I quote a few of your posts as long as
    I provide credit and sources back to your weblog?
    My blog site is in the very same area of interest as yours and my users would genuinely benefit from a lot of the information you provide here.
    Please let me know if this ok with you. Thank you!

Leave a Reply

Your email address will not be published.

Previous post ඩීසල් සහ පෙට්‍රල් එන්නෙ ජුලි 10 න් පස්සේ – සාගල
Next post මූල්‍ය බුද්ධි ඒකකයෙන් මූල්‍ය සමාගම් දෙකකට ලක්ෂ 15ක දඩයක්