ඩීසල් සහ පෙට්‍රල් එන්නෙ ජුලි 10 න් පස්සේ – සාගල

ඩීසල් නෞකාවකට ඇනවුමක් ලබා දී ඇති අතර ජුලි දෙවන සතියේ එනම් ලබන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සාගල රත්නායක සඳහන් කළේය.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් තිස්තුන් දාහක් ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇති බවද සාගල රත්නායක සඳහන් කළේය.

සාගල රත්නායක මෙම අදහස් ප්‍රකාශ කළේ පුවත්පත් කර්තෘවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.