මහ බැංකු අධිපති තියාගන්න අගමැතිගේ කැමැත්ත
මහ බැංකු අධිපති මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ සේවය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා යවා තිබේ.
ඔහුගේ ධුර කාලය අද (ජුනි 30) අවසන් වීමට නියමිතව තිබිණි.
මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නන්දලාල් වීරසිංහ නැවත මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී ඇත.