විද්‍යාව ප්‍රතික්ෂේප කර මිත්‍යාව යතාර්ථය කරගත් සමාජයක ඉරණම මෙසේ සිදුවීමට නියමිතය

මාර්ක්ස් සහ එංගල්ගේ ආගම ගැන කෘතියේ 312 වෙනි පිටුවේ මෙහෙම කියනවා.
“මිනිසා මාලිගාවකදී සහ පැල්පතකදී වෙනස් ආකාරයෙන් සිතයි. සාගින්න නිසා, දුක්ඛිත තත්වයන් නිසා ඔබ‍ට ඔබේ සිරුර තුළ පෝෂණය සඳහා දෙයක් නොමැති නම්, ඒ ආකාරයෙන්ම ඔබේ ඔලුවේ ඔබේ මනසේ සහ හදවතේ සදාචාර පෝෂණය සඳහා දෙයක් නොමැත”
අපේ රටට මේ විදිහේ ඛේදනීය ඉරණමක් අත්වීම ගැන එක අතකට පුදුම වෙන්නට දෙයකුත් නැහැ. මෙහෙම නොවුනා නම් තමයි පුදුම වෙන්නට ඕන. හැත්තෑ හතර දේශපාලන ඉතිහාසය ක්‍රමවත්ව අධ්‍යනය කල සිහි බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා එතෙක් මෙතෙක් අපේ රට පාලනය කල පාලකයින් රට පාලනය කලේ කිසිම විද්‍යාත්මක දැක්මකට පදනමකට අනුව නොවෙයි කියලා. ප්‍රභූන් යයි කියාගන්නා පවුල් දෙක තුනක ආධිපත්‍ය රැකගන්න තියෙන බල තණ්හාව හා ආගමික දෘෂ්ටිවාදය නඩත්තු කිරීමට ඇති වුවමනාවන් මත කියලා. රටක ජීවනාලිය වන අධ්‍යාපනය පවා එතෙක් මෙතෙක් සකස් කලේ දියුණු සංකල්ප නිෂ්පාදනය කරන විෂය නිර්දේශ මත නොවේ, ආගම හා යල්පැන ගිය ඉතිහාසයක් නඩත්තු කිරීමටයි. එම නිසා බුද්ධිමත් තර්ක ඥානයෙන් නිර්මාණාත්මක ශක්තියෙන් පිරිපුන් ජනතාවක් බිහි කරනවා වෙනුවට, බිහි කලේ තමන්ගේ හස්තයට නටවන්න පුළුවන් රූකඩ ජනතාවක්ය.

ආගම්වාදය, ජාතිවාදය ඉදිරියට දමා බලයට පත් වූ පාලකයින්ට පමණක් මෙයට දොස් කීමෙන් පලක් නැහැ. මෙයට වගකිව යුතු තවත් පිරිසක් සිටිනවා, එනම් ආගම යතාර්ථයක්‌ කරගත් ආගමික නායකයින්, මිනිසුන්ව අඳුරට මුලාවට ඇද දමන ජෝතිෂ්‍ය වේදීන් යයි කියා ගන්නා අමනයින්, මිත්‍යා දෘෂ්ටිකයින්, සහ ඇත්ත මොකක්ද කියලා ඒක දන්නේ නැහැ වගේ රඟපාන ඔය උගත් කියන ගොඩාක් ආත්ම වන්චකයින් මේ තත්වයට වග කියන්න ඕන.

නිෂ්පාදනය සහ ආර්ථිකමය අතින් දුප්පත් වෙනවා කියන්නේ, ඒ රටේ මිනිසුන්ගේ හිතන, පතන චින්තන විලාසයද වෙනස් වෙනවා කියන එක ඇත්තක්‌. මාක්ස්, එංගල් දෙදෙනා ඉහතින් අදහස් කරන්නේ එයයි.
ඉතිං, ඇත්තටම නිදාගෙන සිටින මිනිසුන්ව ඇහැරවන්න ලේසියි, ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිසුන්ව තමයි ඇහැරවන්න අමාරුයි කියන කතාව ඇත්තක්.
මිනිසුනි, පුළුවන් නම් යතාර්ථයට ඇහැරෙන්න, ඒක හරිම වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්, ඒත් බොරුවට නිදාගෙන ඉන්න අයට ඇත්තටම ඇහැරෙන්න වෙනවා, ඒ අවදිවීමට අවංක වන්න…
ආමේන්

  • සාලිය ඉඳුරුවිතාන

සබැඳි

Leave a Reply

Your email address will not be published.