අනවසර සංක්රමණිකයින්ගේ සිරුරු 46ක් ට්‍රක් රථයක

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46ක් හමුවී තිබේ.
එම ට්‍රක් රථය හමුවූ ප්‍රදේශය සැන් ඇන්තෝනියෝ ලෙස හැඳින්වෙන අතර එම ප්‍රදේශය මෙක්සිකානු දේශ සීමාවට ආසන්නය.
ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමණිකයින් පිරිසක් බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.