ඉන්දීයාව පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක් – චමරි නොදැවී 80 යි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක සුපිරි ජයක් හිමිව තිබේ.

එනමුත් 2ට 1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායම සතුවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස්කර ගත අතර

ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 139 හඹා ගිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 17කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 141ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී පන්දු 48කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 80ක් රැස්කළේය.

චමරි අතපත්තු හට සහායක් වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් ද සමඟිනි.

තරගයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ඔසවා තැබූ නායිකාව චමරි අතපත්තු හිමිකරගැනීමට සමත්විය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.