යාපනය ජාතික ජන බලවේගයේ සමුළුවට දෙමළ පක්‍ෂ නායකයන් එක්වෙයි

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සමුළුව යාපනය, ඥානම් හෝටලය දී මේ මොහොතේ පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් විශාල ප්‍රමාණයක් සහබාගී වී සිටියේය.

මෙම සමුළුව සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ලේකම් මාවෛ සේනාධිරාජා, ITAK පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ නායකයින් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වීම විශේෂත්වයකි.

මෙහිදී සමුළුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ. “අද අපේ රටේ ජනතාව සියාලු දෙනාම වෙනසක් නැතුව පීඩනයට ලක්වෙලා ඉන්නේ. හැබැයි අද අපි විඳින මේ පීඩනය ඔබට අලුත් දෙයක් වෙන්නේ නැති බව අපි දන්නවා. ඔබ මේ පීඩනය අවුරුදු 30ක යුද්ධය පුරා අත්විඳින බව අපි දන්නවා. දැන් මේ පාර මුළු රටම එකම ඉරණමකට මුහුණ දෙනවා.”

lankaweb.lk
lankaweb.lk
lankaweb.lk
lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.