සිකුරාදා සෞඛ්‍ය අංශ වලට වෙන්කලා කිව්වට අපි දන්නේ නැහැ: ෂෙඩ් හිමියෝ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් දහස් ගණන් පිරවුම්හල් අතරින් 84ක් වෙන්කර තිබුණත් එම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට නොහැකිවූයේ නිසි සන්නිවේදයක් හා ක්‍රමවේදයක් නොමැතිවීමෙන් බවත් එම නිසා නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් ඇතිව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

තම පිරවුම්හල සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නේ යැයි ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබූ ඇත.

එලෙස සෞඛ්‍ය අංශ සඳහා නම් කරනු ලැබූ ඉන්ධන හල් වලින්අනෙකුත් පුද්ගලයින්ටත් ඉන්ධන ලබාදීම සිදුකිරීමෙන් හා ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිනය පුරා පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.

ඇතැම් වෛද්‍යවරුන් තම වාහන පෝලිම්වල තබා වෙනත් අයකුට බලාගන්නා ලෙස පවරා රෝහල්වලට ගොස් ප්‍රතිකාර කටයුතුවල නිරත වී ඇති අතර, පෙරදින රාත්‍රී සේවයේ සිටි කාර්ය මණ්ඩල යළිත් අද රාත්‍රී සේවයට වාර්තා කළ යුතුව තිබියදී මේ වන තුරුත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටිති.

Leave a Reply

Your email address will not be published.