රුසියාවේ දිමිත්‍රි යුක්රේන දරුවන් වෙනුවෙන් සිය නොබෙල් පදක්කම වෙන්දේසි කරයි

පසුගිය වසරේ (2021) නොබෙල් සාම ත්‍යාගලාභී රුසියානු ජාතික දිමිත්‍රි මුරතොව් සිය නොබෙල් සාම ත්‍යාග පදක්කම ඩොලර් මිලියන 103.5කට වෙන්දේසි කර තිබේ.

යුක්රේන ළමා සරණාගතයන් වෙනුවෙන් මුදල් එකතු කිරීම සඳහා තමන් එලෙස සාම පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කල බව මුරතොව් පවසා ඇත.

ජූනි 1 වැනි දාට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දින සැමරුමට සමගාමී ව මෙම වෙන්දේසිය සඳහා අන්තර්ජාලය ඔස්සේ ලංසු කැඳවීම් ආරම්භ කර තිබු අතර, බොහෝ ලංසු පැමිණියේ දුරකතනයෙන් හෝ අන්තර්ජාලය හරහා යි.

අන්තර්ජාලය හරහා සති තුනකට ආසන්න කාලයක් වෙන්දේසියේ ලංසු තැබීමෙන් අනතුරුව සාම පදක්කම අලෙවි විය. තමන් කිසිසේත්ම මෙම නොබෙල් සාම පදක්කම මෙතරම් මුදලකට අලෙවි වේ යැයි අපේක්ෂා නො කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් දිමිත්‍රි පවසා තිබිණි.

මෙම වෙන්දේසිය හැසිරවූ හෙරිටේජ් වෙන්දේසියේ මාධ්‍ය වෙත පවසා තිබුණේ ගැනුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට නො හැකි බවත් ඔහු විදේශයක සිටින බවත්ය. මෙම වාර්තාගත ලංසුව තහවුරු කර ඇත්තේ, ප්‍රොක්සි මඟින් සිදු කරන මූල්‍ය ගනුගනුදෙනුවක් හරහා බවට ඔහු පවසා තිබිණි.

මීට පෙර නොබෙල් පදක්කමක් එලෙස වෙන්දේසි කර ඇත්තේ 2014 වසරේදීය. DNA ව්‍යුහය පිළිබඳ සම – සොයාගැනීම සම්බන්ධයෙන් 1962 දී නොබෙල් ත්‍යාගය හිමිකරගත් ජේම්ස් වොට්සන් ඔහුගේ පදක්කම ඩොලර් මිලියන 4.76කට අලෙවි කර තිබිණි.

දිමිත්‍රි මොරටෝව්ගේ මෙම ක්‍රියාව නොබෙල් සාම කමිටුවේ ප්‍රසාදයට ද ලක් ව ඇත. එම රටවල ජනතාවගේ නිදහස වෙනුවෙන් ඔවුන් කරන ලද නිර්භීත අරගලය දිමිත්‍රිගේ සම්මානයට හේතු වී ඇත. නොබෙල් කමිටුව ප්‍රකාශ කර තිබුණේ ලොව සෑම රටක ම ජනතාවගේ නිදහස වෙනුවෙන් කැප වන සියලුම මාධ්‍යවේදීන් නියෝජනය කරමින් මෙම සම්මානය ඔවුනට පිරිනැමු බවය.

කෙසේවෙතත් දිම්‍රතිගේ මෙම ක්‍රියාව නොබෙල් සාම මණ්ඩලයේද පැසසුමට ලක්ව ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.