“පෝලිම් වළ ඉඳන් තෙල් ගහගෙන මැච් බලන්න යන්න පුරුදු වෙන්න එපා”

මම ක්‍රිකට් රසිකයෙක්. අන් කිසිවක් නොකර දවස පුරා ක්‍රිකට් ගැසීමට හෝ බැලීමට ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසා වාහනයක ගමනක් යන ගමන් උනත් පාර අයිනෙ පිට්ටනියක කොල්ලො ටිකක් බෝල ගහනවනම් ඒ දිහා බලන එක පුරුද්දක්. ඒ වගේම මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් තරඟාවලි ජයග්‍රහණය ගැන තියෙන්නෙ පට්ට සතුටක්. ඒ මම ක්‍රිකට් ෆෑන් කෙනෙක් විතරක් නෙමෙයි මම ශ්‍රී ලාංකිකයෙක්ද වෙන නිසා. මම ශ්‍රී ලාංකිකයෙක් විදියට ලංකා ටීම් එක ගැන සතුටු වෙනවා වගේම ලාංකිකයෙක් විදියට මට මේ දවස්වල ඉතාම දරුණු විදියට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ සතුටට ක්‍රිකට් බලනවා වගේම, මේ අර්බුදය ඇතිකරපු පාලකයන්ට එරෙහිව අරගල කරනවා. උන්ව පන්නන්න කරන්න පුළුවන් හැම දේම කරනවා.

ලෝකයක් ඉස්සරහා අපේ රට දිනවන්න ක්‍රීඩා කරන ,ලෝකයට අපේ නම ගෙනියන්න ක්‍රීඩා කරන ක්‍රිකට් ටීම් එකේ කොල්ලො ගැන මට ලව් එකක් තියෙනවා. හැබැයි මට ක්‍රිකට් ටිම් එකේ වීරයෝ නෑ. මට මගේ බිත්තියේ පෝසටරයක් අලවගන්න තරම් වීරයෙක් ක්‍රිකට් ටීම් එකේ නෑ. මොකද උංට සෙල්ලම් කරනවට පඩි ගෙවනවා. උං උන්ගෙ වෘත්තියට වඩා වැඩි දෙයක් කරලා නෑ. Black lives matters අරගලයට සහය පළකරමින් ගොඩාක් ක්‍රීඩකයන් තරඟ ආරම්භයට පෙර දණ නමලා මුෂ්ටි ඔසවලා ආචාර කරනවා. ඒක ඒ අරගලය ජීවමානව තියාගන්න විශාල ධෛර්‍යයක් දෙන ක්‍රියාවක්. නමුත් ලංකාවේ අරගලයට ශක්තියක් වෙන්න පුළුවන්, අරගල කරන මිනිස්සුන්ට අරගලයට ධෛර්‍ය්යක් දෙන්න පුළුවන් විදියෙ ක්‍රියාවක් ( act එකක් ) ග්‍රවුඩ්න්ඩ් එක ඇතුලෙ හෝ එළියෙදි තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් වත් කරලා නෑ. මම ඒ වගේ දෙයක් ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඒ තරම් පෞරුෂයක් හෝ පරිණත බවක් තියෙන ක්‍රීඩකයෙක් දැන් ඉන්න ලංකා ටීම් එකේ නෑ. දැන් ලංකා ටීම් එකේ ඉන්නෙ ක්‍රිකට් ගහන්න විතරක් පුරුදු උනු කොල්ලො ටිකක් නිසා. හැබැයි ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මම ඒ ක්‍රීඩකයගෙ පෝස්ටරයක් මගේ බිත්තියෙ ගහගන්නවා.

හැබැයි මේ විදියට තමන්ගෙ වැඩේ විතරක් බලාගෙන, සල්ලි කීයක් හරි හම්බකරගෙන පාඩුවේ ඉන්නෙ නැතුව රටේ අනිත් මිනිස්සු වෙනුවෙන් , බෙල්ල ගහලා ගියත් සටන් කරනවා කියලා හිතාගෙන අරගල කරපු කොල්ලො ටිකක් ඇරෙස්ට් කරලා තියෙනවා. මේ සෙට් එක, ලංකාව අර්බුදයට ඇදලා දාපු පාලකයන්ට එරෙහිව අරගල කරපු අය. උං මැගසින් එකේ හිරබත් කනකොට, වේලක් කන්න තියෙන සල්ලිවලින් ඔසි ජර්සියක් ඇඳං ගිහිම් අනී ඕසී ලව් යූ කියලා වැළලෙන්න තරම් මම ගොබ්බයෙක් නෙමෙයි. මට කොළඹ ගිහින් ග්‍රවුන්ඩ් එකේ බියර් එකක් බිබී මැච් එකක් බලන්න පුළුවන් මානසිකත්වයක් හෝ ආර්ථික තත්වයක් දැන් මේ රටේ නෑ. ඔය කහ පාට ජර්සියක් ඇඳන් ඕසිලාට තෑන්ක් යූ කියන්න යන අය ඊළඟ ටුවර් එකේදී පකිස්ථාන් ජර්සියක් ගහගෙන යන්නෙ නෑ. මොකද ඕස්ට්‍රේලියාව අපේ ෆැන්ටසියක් උනාට පකිස්ථානය අපේ ෆැන්ටසියක් නෙමෙයි. එහෙම ස්තූති කරනවනම් අපි මුලින්ම ස්තූති කරන්න ඕන බංග්ලාදේශයට. මොකද උන් තමයි මුලින්ම අපිට ඩොලර් ටිකක් හදීසියට අතමාරුවට දුන්නෙ.

මැගසින් එකේ ඉන්න කොල්ලො ටික ගැන මට දුක නෑ. ඔතන ඉන්න ගොඩාක් උන්ට මැගසින් එක කියන්නෙ ලංකා ටීම් එකට ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එක වගේ. උන්ට එතන පුරුදුයි. හැබැයි පෝලිම් වල ඉඳන් තෙල් ගහගෙන මැච් බලන්න යන්න පුරුදු වෙන්න එපා. අපි කරන දේවල් අපේ දරුවන්ටත් පුරුදු වෙනවා. ඊට පස්සෙ ඒක තමයි සිස්ටම් එක වෙන්නෙ.

– රොහාන් අක්මීමන (fb)

Leave a Reply

Your email address will not be published.